Tuesday, January 19, 2016

ඉඩමක් මිලට ගැනීමේදී ඔබ මේ ගැනත් සිතනවාද?

තමන්ගේම කියා නිවසක් ඉදිකරගැනීමට සිහින දකින බොහෝ දෙනෙක් මුලින්ම සිදු කරන්නේ ඒ සඳහා ඉඩමක් මිලදී ගැනීමයි. ඉඩම් මිලදී ගැනීමේදී මේ කරුණු ගැන ඔබ කොතරම් සැළකිළිමත් වෙනවාද?

මෙම ඉඩමේ යම් කිසි ඉදිකිරීමක් සිදු කළ හැකිද?
 
ඔබ මිලදී ගන්නා ඉඩම සංවර්ධනය කර විකුණන ඉඩමක්ද? නැතිනම් සංවර්ධනය නොකරන ලද හිස් ඉඩමක්ද? එම ඉඩමේ ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉදිකිරීමක් සිදු කළ හැකිද? මේ කරුණු ගැන ඉඩම මිලදී ගැනීමට පෙර ඔබ සැළකිලිමත් විය යුතුයි.

ඉඩමේ මායිම් නිවැරදිව සටහන්ව ඇත් ද?
ඔබ මිලදී ගන්නා ඉඩමේ මායිම නිවැරදිව, ක්‍රමානුකූලව සටහන් කර තිබෙනවාද? එය ඉඩමේ පමණක් නොව ඉඩමට අදාළ ඔප්පු තිරප්පුවලද නිවැරදිව සටහන්ව තිබෙනවාද යන්න පිළිබඳව ඔබ සැළකිළිමත් විය යුතුමය. එසේ නොමෑතිව නිරවුල් නොවූ ඔප්පුවලින් යුත් ඉඩමක් ඔබ මිලදී ගත්තේ නම්, තවත් විශාල ධනයක්, ශ්‍රමයක් සහ කාලයක් කැපකරමින් එම ඉඩම් නිරවුල් කරගැනීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටීමට ඔබට සිදුවනු ඇත.


ඉඩමේ සිට ආසන්නතම මහා මාර්ගයට සම්බන්ධ වීමට නීත්‍යානුකූල ප්‍රවේශ මාර්ගයන් තිබේද? එම ප්‍රවේශමාර්ගයන්හි අයිතිය සහ නඩත්තුව සිදු කරන්නේ කවුරුන් විසින්ද? 

නිවසක් හෝ වෙන යම් කුමනාකාරයේ ඉදිකිරීමක් සිදු කිරීමට ගියත්, ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන සැපයුම් (ගල්, වැලි, සිමෙන්ති, යකඩ, ගඩොල්) ද්‍රව්‍ය එම ඉඩමට ප්‍රවාහනය කරගත යුතුවේ. මේ සඳහා ප්‍රමානවත් මාර්ගයක් තිබේද යන්න පිළිබඳව සැලකිළිමත් විය යුතුය. නිවස ඉදිකිරීමෙන් පසුව ඔබ එම නිවසේ ජීවත් වන නිසා ආසන්න ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාර්ග නීත්‍යානුකූල මාර්ගද නැතිනම් තාවකාලික මාර්ගද යන කරුණ නියමාකාරයෙන් විසඳාගත යුතුය. එමෙන්ම අදාළ ප්‍රවේශ මාර්ගයන්හි අයිතිය සහ නඩත්තුව සිදුකරන්නේ කුමන පාර්ෂවයන්ද යන වගද පැහැදිලිව තේරුම් කරගත යුතුය. ශ්‍රී ලංකාවේ බොහෝ මාර්ගයන් අදාල ප්‍රාදේශීය සභාවන්, නගර සභාවන් හෝ පළාත් සභාවන් වැනි රාජ්‍ය ආයතන ඔස්සේ පාලනය සහ නඩත්තු කෙරේ. නමුත් එසේ නොවන මාර්ගයන් අදාළ ඉඩමේ හිමිකරුවන් විසින් කඩත්තු කරගත යුතුවේ.

කොතරම් වටිනා ඉඩමක් වුවද නියමා කාරයෙන් ප්‍රවේශ මාර්ගයන් නොමැති වූ විට කිසිදු වටිනාකමක් නොමැති හිස් බිම් කැබලි බවට පත්වේ.


1 comment:

  1. Poker Cashier - 933 Casino Drive, Chicago, IL 60430
    The poker cashier 순천 출장안마 located 동해 출장안마 near the poker tables at 군포 출장마사지 1 Harrah's Rincon Way 충청남도 출장마사지 is located at 남원 출장마사지 3200 Casino Dr. Chicago.

    ReplyDelete